සියලු ආකාරයේ මරණ දඩුවමට විරුද්ධයි – පාප්වහන්සේ කියයි

(කොළඹ, ලංකාපුවත්) –සියලු ආකාරයේ මරණ දඩුවමට විරුද්ධ බව, අති උතුම් ශුද්ධෝතම ෆැන්සිස් පාප්වහන්සේ පවසයි.

මරණ දඩුවම සම්බන්ධයෙන් කතෝලික පල්ලිය මීට පෙර දැරූ මතවාදය වෙනස් කිරීමට උන්වහන්සේ පියවර ගෙන ඇත. ඇතැම් අවස්ථාවල දී මරණ දඩුවම භාවිත කළ යුතු බවට කතෝලික පල්ලියේ ඉගැන්වීම්වල මීට පෙර සඳහන් කර තිබුණි.

ඇතැම් අපරාධ සම්බන්ධයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවට 1992 වසරේ දී දෙවැනි ජුවාන් පාවුලු පාප් වහන්සේ මුල්වරට ප්‍රකාශ කළේය. එහෙත්, එම මතය වෙනස් කිරීමට වත්මන් අති උතුම් ෆැන්සිස් පාප්වහන්සේ පියවර ගෙන තිබේ.

මනුෂ්‍යත්වයේ ගෞරවනීයභාවයට මරණ දඩුවම ප්‍රහාරයක් බව උන්වහන්සේ පෙන්වා දෙයි. ඒ අනූව, කතෝලික පල්ලිය සියලු ආකාරයේ මරණ දඩුවමට මුළුමනින්ම විරෝධය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *