මිලියන 10 ක් වටින ‘අයිස්‘ මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් මිලියන 10 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු පිටකොටුව, පාවෙන වෙළඳසැල අසළ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ළග තිබී ග්‍රෑම් 878 ක් බරැති මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 30 හැවිරිදි අයෙක් බව වාර්තාවේ.

සැකකරු අද (03) මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *