ඉන්දුනීසියාවේ මිය ගිය ගණන 91ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නවතම විදෙස් වාර්තා සදහන් කර ඇත.

එසේම මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීහු පවසති.

ඊයේ(05) පස්වරුවේ හට ගත් එම භූ චලනයේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 07ක් ලෙසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙහිදී 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවී ඇත්තේ ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලිනි.

සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන බාලි දූපතට ද මෙහි බලපෑම එල්ලවී තිබේ.

කෙසේ වෙතත්ලොම්බොක් දිවයිනේ පුද්ගලයන් රැසක් සිය උන්හිටි තැන් අතහැර ආරක්ෂිත ස්ථාන කරා දිවගිය බව ඉන්දුනීසියා ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ ය.

බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ, සුන්බුන්වලට යටවීන නිසයි.

එසේම පසුගිය 29වනදා ද ලොම්බෝක් දූපතේ සිදුවූ භූකම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + seven =