කිරින්ද මුහුදේ අතුරුදන්වූ තරුණයින්ගේ සිරුරු සොයා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – තිස්සමහාරාම, කිරින්ද මුහුදු තිරයේදී දියේ ගිලි අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු කෝස්ගාඩ් නාවික හමුදා කඳවුර පිටුපස මුහුදු තීරයේ තිබී සොයාගෙන තිබේ.

නාවික හමුදා නිළධාරින් විසින් අදාල මළ සිරුරු සොයාගත් බව පොලිසිය සදහන් කළේය.

මියගොස් ඇත්තේ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 20හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

පසුගිය 04 වනදා පවුලේ ඥාතීන් පිරිසක් සමඟ වන්දනා චාරිකාවක් යමින් සිටියදී කිරින්ද මුහුදු තිරයේ දියනෑමට පැමිණ ඇති අතර එහිදී අදාල තරුණයින් දෙදෙනා දියේ ගිලි අතුරුදන්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *