(කොළඹ, ලංකාපුවත්) – පිටකොටුව – මැලිබන් වීදියේ සිව් මහල් ගොඩනැගිල්ලක බිම් මහලේ කුඩා කාමරයක පවත්වාගෙන ගිය බෑග් වෙළදසැලක හදිසියේ ගින්නක් හටගෙන තිබේ.
අද (06) උදෑසන 5.00ට පමණ ගින්න හටගෙන ඇත. පිටකොටුව පොලීසිය හා කොළඹ නාගරික ගිනි නිවීමේ ඒකකය, ප්රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා ඇතැයි පොලිසිය පැවසීය.
ගින්නෙන් එම වෙළදසැලේ තිබූ දේපල විනාශ වූ අතර ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.