උසස්පෙළ විභාගය අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) ආරම්භ වේ.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2268දී විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කොට ඇති බව
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුතුන්ලක්ෂ විසිඑක්දහස් හාරසිය හැට නවදෙනකු විභාගය සඳහා පෙනී සිටියි.

විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන අතර සියලුම අයදුම්කරුවන් පෙරවරු 8.00 වන විට විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතුය.

අයඳුම්කරුවන් ස්මාර්ට් ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදුකරන්නේ ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙසට ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති අතර විභාග වංචා සිදුකරන අයඳුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සියලුම විභාග වසර පහකට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය පවත්වන අවස්ථාවේ බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ශාලාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

එසේම උසස් පෙළ විභාගයේ පැමිණිලි පිළිබඳ සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම් පත්කර ඇත.

විභාග අධීක්ෂණ කණ්ඩායම් දිවයිනේ සෑම ප්‍රදේශයකටම යැවීමට සියල්ල සුදානම් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සදහන් කළේය‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *