කැලිෆෝනියාවේ ගුවන් අනතුරකින් 05ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –කැලිෆෝනියාවේදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත්තේ කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රාන්තයේ පිහිටි සාප්පු සංකීර්ණයක රථවාහන නැවතුම්පලකට යානය කඩා වැටී ඇති බවය.

ගුවන් අනතුරෙන් මිය ගොස් ඇත්තේ යානය තුළ සිටි මගීන් පස් දෙනෙකි.

ගුවන් යානය කඩා වැටුනු ස්ථානයේ සිටි කිසිවෙකුට හානි සිදු වී නැති බව වාර්තා වේ. අසල තිබූ මෝටර් රථයකට දැඩි හානි සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *