තෙවැනි තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

(කොළඹ, ලංකාපුවත්) –සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 78 ක ජයක් ලබමින් දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ(05) සමත් විය.

දකුණු අප්‍රිකාවෙන් එල්ල වූ ලකුණු 363ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.3කදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 285ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ධනංජයද සිල්වා ලකුණු 84ක් රැස්කිරීමට සමත්විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලුන්ගි න්ගිඩි කඩලු හතරක් දවා ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *