DSI වොලිබෝල් ශූරතාව වෙන්නප්පුව ධම්මිස්සරයට-බාලිකා ශූරතාව ආණමඩුව මධ්‍ය මහා විදුහල ට

(කොළඹ, ලංකාපුවත්) – ඩී එස් අයි super sport අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් තරග ඉකුත් 04වනදා මහරගමදි පැවැත්වුණි.

ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙනි.

වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය වෙන්නප්පුව ධම්මිස්සර ජාතික පාසලට හිමිවූ අතර අනුශූරතාවය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට හිමි විය.

වයස අවුරුදු 19න් පහළ බාලිකා ශූරතාව දිනා ගත්තේ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයයි. මහඋස්වැව ශ්‍රී රතනපාල මහා විද්‍යාලය අනු ශූරතාව දිනාගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *