මාතරදී පැහැරගත් උසස් පෙළ සිසුවා සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – මාතර , ඉසදීන් නගරය ආසන්නයේදී පැහැර ගත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවා අහංගම ප්‍රදේශයේ දමා ගොස් සිටියදී පොලීසිය සොයා ගනී.

මෙම සිසුවා තංගල්ල, කඳුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු මාතර, හිත්තටිය ප්‍රදේශයේ ඥාති නිවසක නතර වී ඊයේ(06) උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට පැමිණ ඇති බව වාර්තාවේ.

එහිදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් සිසුවා පැහැරගෙන ගොස් ඉ බව හෙළිව ඇත.

පසුව තමන් අහංගම ,ගොයියාපාන ප්‍රදේශයේ දමා ගිය බව සිසුවා පොලීසියට ප්‍රකාශ කර තිබේ.

කවුරුන් විසින් සිසුවා පැහැර ගත්තේ ද යන්න පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණ වී නොමැත.

මොහු ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටි අතර මෙම පැහැර ගැනීම හේතුවෙන් සිසුවාට සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට ද නොහැකි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *