යුරෝපා සංගමය එල්ටීටීඊයට පනවා ඇති තහනම මාස 6කින් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස 6කින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

රටවල් 28කින් යුත් සංවිධානය එම තීරණයට එළැඹ ඇත්තේ, ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමිනි.

එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා එහි ක්‍රියාකාරකම් තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කළේ වසර 2006දීය. තහනම ඉවත් කර ගැනීමට එල්ටීටීඊ ක්‍රියාකාරීන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දැඩි උත්සාහයක නිරතවී සිටි.

එහෙත් ඒ සියල්ල අභිබවා එල්ටීටීඊය යළි ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ලංකාව ගනු ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග නිසය.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 28 තුළම එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් තහනම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *