අමෙරිකාව විසින් යළි ඉරානයට සම්බාධක පනවයි

(කොළඹ, ලංකාපුවත්) –ඉරානයට එරෙහින යළි සම්පූර්ණ සම්බාධක පනවන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එය අද සිට ක්‍රියාත්මක බව සදහන් ය.

2015 වසරේ ඇති කර ගත් ඉරාන් න්‍යාෂ්ඨික ගිවිසුමට අනුව එරටට එරෙහිව පනවා තිබූ සම්බාධක රැසක් ඉවත් කෙරුණි. නමුත් එම ගිවිසුමෙන් ඉවත් වීමට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා තීරණය කළේය.

ට්‍රම්ප් කියාසිටියේ එම ගිවිසුම් දරුණු මෙන්ම ඒකපාර්ශ්වික බවය.

මේ පිළිබඳ අදහස් දක්වන ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසා ඇත්තේ මෙය මනෝමය යුද ප්‍රකාශ කිරීමක් බවයි.
කෙසේ නමුත් ඉරානය සමඟ සකාච්ඡා පැවැත්වීමට අවසන් මෙහොතේ ට්‍රම්ප් ජනාධිපතිවරයා කර තිබූ යෝජනාවට, කමා එකඟ නොවන බව ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේය. ඔහු පවසන්නේ ඉරානය සෑම විටම සාකච්ඡා සඳහා සූදානම් නමුත් ඒ සදහා අවංකභාවය තිබිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *