ගිනි අවියක් රැගෙන යාමට තැත්කළ ගුවන් නියමුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ස්වයංක්‍රීය ගිනි අවියක් නීති විරෝධී ලෙස ඩුබායිවලට ගෙන යාමට තැත්කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවෙකු, ගුවන්තොටුපෙළ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පිස්තෝලය සමඟ ජීව උණ්ඩයක් හා මැගසීනයක් ද ආරක්ෂක අංශ භාරයට ගැනුණි. මිලිමීටර 6.35 වර්ගයට අයත් ස්වංක්‍රීය ගිනි අවිය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ලද්දකි. 55 හැවිරිදි ගුවන් නියමුවා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සදහන්ය.

ඔහු දැනට කෙන්යාවේ අභ්‍යන්තර ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කරමින් සිටි.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද සේවය කළ අයෙකි. සැකකාර ගුවන් නියමුවා සහ පිස්තෝලය ගුවන් තොටුපොළ පොලීසිය වෙත බාර දී තිබේ.

සැකකරු අද(07) මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *