රිය අනතුරක් මුල් කර ගෙන බංග්ලාදේශයේ ඇරඹි විරෝධතා තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –රිය අනතුරක් මුල් කර ගනිමින් බංග්ලාදේශයේ ආරම්භ කෙරුණු විරෝධතා තවදුරටත් පැවැත්වේ. ඔවුන් කියා සිටින්නේ රජය විසින් මාර්ග ආරක්‍ෂාව තහවුරු කළ යුතු බවයි.

විරෝධතා ආරම්භ කර මේවන විට සතියකට අධික කාලයක් ගත වී තිබේ.

ඒ හේතුවෙන් ඩකා අගනුවර දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විරෝධතා සදහා සහභාගී වී සිටන බහුතරය තරුණ පිරිස් ය.

බංග්ලාදේශයේ රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේ දී, 4000කට අධික පදිකයින් පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *