කොළොම්බියාවේ නව ජනපති දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස අයිවන් ඩුකේ අද(08) දිවුරුම් දෙනු ලැබීය.

රට එක්සත් කිරීමට හා ආර්ථික වර්ධනයට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබාදෙමින් ඔහු දිව්රුම් දීම සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්කා කළේය.

කොලොම්බියාවේ, බොගෝටාහි බොලීවියා චතුරශ්‍රයේයි දිවුරුම් දීමේ උත්සවය පැවැති බව සදහන් ය. ඒ අනුව අයිවන් ඩුකේ එරට 60 වන ජනාධිපතිවරයා ලෙස පත්විය.

පසුගිය ජුනි මාසයේදී පැවති මැතිවරණයෙන් සියයට 54 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස පත්වුණි.

ඔහුගේ සමාරම්භක දේශනයේදී පොරොන්දුවක් ලබාදෙමින් හිටපු නීතීඥවරයාගේ දූෂණ ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන බවටත් එරට ආර්ථික පුනර්ජීවය ඇතිකරන බවටත් ප්‍රකාශ කළේය. තවද ෆාක් කැරලි කණ්ඩායම සමග ඇතිකරගෙන තිබෙන සාම ගිවිසුම වෙනස් කිරීමට කටයුතු කරන බවට ඔහු එහිදී පොරොන්දු විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *