ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව අද

(කොළඹ, ලංකාපුවත්) –බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පෙත්සම පිළිබද තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කර ඒ පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + ten =