ඥානසාර හිමියන් අභියාචනයකට සූදානමින්

(කොළඹ, ලංකාපුවත්) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව උන්වහන්සේගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දන්වා ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති ප්‍රතිපන්න සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා දන්වා සිටියේ අදාළ දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඥානසාර හිමියන් අපේක්ෂා කරන බවයි.

ඊට අදාලව කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබාදෙන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කරන ලදි.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය අදාළ කරුණු දැක්වීම ලබන 29 වනදා සිදු කරන ලෙස ජනාධිපති නීතිඥවරයාට නියම කළේය.

මෙහිදී තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා එම අභියාචනයේ තීරණයක් ලැබෙන තුරු ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලෙස දැනට කර ඇති නියෝගය අත්හිටුවන මෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත නොහැකි බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් විවෘත අධිකරණය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − one =