ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –සංගීත ක්ෂේත්‍රයට සුවිශාල දායකත්වයක් සැපයූ ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා අද (08) අළුයම අභාවප්‍රාප්ත විය.

ඒ කොළඹ ජාතික රෝහලේදීය. මියයන විට ප්‍රේමරත්න මහතා 75 වන වියේ පසුවිය.

ඔහු විසින් ගායනා කරන ලද ගීතයන් අතරින් අමකර කරවි සරින්, මිහිලියගේ රූ සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ප්‍රසිද්ධ ගීත රැසක් ඇතුළත් වේ.

ප්‍රේමරත්න මහතා සිනමා නිර්මාණ 12 කට පමණ පසුබිම් ගායනයෙන්ද සහය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 17 =