මුතුවේල් කරුණානිධි දිවිසැරිය නිම කරයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ඉන්දීය දේශපාලනයේ ප්‍රබල චරිතයක්ව සිටි මුතුවේල් කරුණානිධි මහතා ඊයේ (07) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

චෙන්නායි නුවර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම වයස සමග ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් සිය දිවියෙන් සමුගත්තේය.

මිය යන විට ඒ මහතා 94 වියේ පසු විය.

වර්ෂ 1969 සිට 2011 දක්වා කාල පරාසය තුල තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරය පස් වතාවක් හොබවා තිබේ.
තමිල්නාඩු ප්‍රාන්තය තුළ තරග කළ මැතිවරණ 13කින් ජයග්‍රහණය ලබා ඇති , දමිළ සිනමාවේ සාර්ථක තිර පිටපත් රචකයෙකු ලෙසද නමක් දිනාගත් අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 5 =