විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් යළි සේවයට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –විශ්‍රාම ගිය දුම්රිය රියදුරන්ට හෙට (09) උදෑසන 6.00 වන විට දුම්රිය මූලස්ථානය වෙත පැමිණ යළි සේවයට වාර්තා කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය ඉල්ලිමක් කර ඇත.

එමෙන්ම දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගෙන් නිවාඩු අවලංගු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කර සිටි.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද(08) සවස ආරම්භ කළ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *