සම්බා සහල්වලට ඉදිරියේ පාලන මිළක් – බිත්තර හා කුකුල් මස් මිළ පිළිබඳවත් අවධානය

(කොළඹ, ලංකාපුවත්) – වෙළෙඳපොළේ සම්බා සහල් මිළ දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී සම්බා සහල් සඳහා පාලන මිළක් නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

මලික් සමරවික‍්‍රම හා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(07) රැස්වූ ජීවන වියදම් කමිටුව විසින් මෙය තීරණය කරන ලදි.

එසේම කුකුල් මස් හා බිත්තර මිළද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉහළ යමින් පවතින අතර ඉදිරි සති 02 ඇතුළත කුකුල් මස් හා බිත්තර මිළ අඩු නොවුවහොත් ඒ සඳහාද පාලන මිළක් නියම කිරීමට කටයුතු කරන බව ජීවන වියදම් කමිටුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 4 =