සෙන්පති කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් ජීවිත පූජාකර අදට වසර 26යි

(කොළඹ, ලංකාපුවත්) –අභිත සෙන්පති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු හමුදා නිලධාරීන් දස දෙනකු මේ රට තුළ පැවැති ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම අවසන් කැර දැමීමට සැළසුම් කැර එය ක්‍රියාත්මක කිරීමට සුදානම්ව සිටියදී මිට දශක දෙකකට පෙර එනම් 1992 අගෝස්තු 08 වැනිදා ත්‍රස්තවාදින් විසින් අටවන ලද රුදුරු බිම් බෝම්බයකට හසුව අරාලි තු‍ඩුවේදි ජිවිතක්ෂයට පත්විය.

ඒ සෙම්පතියන් ඇතුළු පිරිස එසේ රට වෙනුවෙන් දිවි පුදා අදට වසර 26ක් ගතවෙයි.

එදා ඒ සෙන්පතියාණන් විසින් සැළසුම් කළ පරිදි එම සැළසුම ක්‍රියාත්මක කිරිමට හැකි වුයේ නම් අවසන් මෙහෙයුම අවසන් වී මේ වන විට වසර විසි පයක් පමණ ගත විමට ඉඩ තිබුණි.

1987 වටමාරච්චි සටනේ සිට 1990 වසරේ දෙවැනි ඊලාම් යුද්ධය ආරම්භ කරමින් නැ‍ඟෙනහිර පළාතේ කොටි ත්‍රස්තවාදින් අත් පත් ගෙන සිටි කණ්චිකුඩිච්චිආරු කොටි බල ප්‍රදේශය හමුදා මෙහෙයුමට නායකත්වය දුන් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියාණන් එදා යුද පෙරමුණේ සිට හමුදා බළසේනාංක මෙහෙය වු අති දක්ෂ හමුදා නිලධාරියකු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + five =