ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අංසක දොඩංවලගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

(කොළඹ, ලංකාපුවත්) –අභාවප්‍රාප්ත ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අසංක දොඩංවල මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර, රිවර්ඩේල් මාවතේ නිවසට ඊයේ (07) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ සමීපතමයන් සියලූ දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

මිය යන විට අසංක දොඩංවල මහතා ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශවල සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළේය.

මහනුවර නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපතිවරයා ලෙස මහනුවර නගර සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයූ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

අසංක දොඩංවල මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *