දුම්රිය සේවකයෝ හදිසි වැඩවර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) –වැටුප් වැඩි කිරීමේ සිද්ධියක් මුල්කරගෙන දුම්රිය සමිති කිහිපයක් මේ වන විට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය රියදුරු නියාමක සංගමය, දුම්රිය පාලක ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය රියදුරන් මෙම වර්ජනයට එක්ව සිටින බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ වෘතීන්වලට අදාළ වැටුප් විෂමතාවන් විසඳුමකට පත් කරමින් ඇමති අනු කමිටුවක් විසින් ලබා දුන් තීන්දුව මේ වන විටත් ක්‍රියාත්මක නොකිරීම එම වර්ජනයට හේතුවී තිබේ.

මෙම වර්ජනයෙන් ජනතාවට සිදුවන අපහසුතාවන් සැලකිල්ලට ගනිමින් කොළඹින් පිටත්වන දුම්රිය සියල්ල පිටත්ව ගමනාන්තය දක්වා ධාවනය වීමෙන් අනතුරුව දුම්රිය පාලකවරු, දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයට එක්වන බවෙ, දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *