ගාල්ලට නවින පහසුකම් සහිත ක්‍රිඩාංගණයක්

(කොළඹ, ලංකාපුවත්) –ගාල්ල දඩල්ල ඉදි වන නවීන පහසුකම් සහිත ක්‍රිඩාංගණයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පමණ අවසන්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය සඳහන් කරයි.

මිලියන 275ක යෝජිත මුල්‍ය ප්‍රතිපාදන මත 2012 වසරේ මුල් ගල තැබූ මෙම ක්‍රිඩාංගණය අතරමග නවතා දමා තිබුණි. නමුත් 2016 වසරේදී ක්‍රීඩා අමාත්‍යංශය විසින් නැවත ක්‍රීඩාංගණය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මේ වන තෙක් එම ඉදිකිරීම් අඛණ්ඩව සිදු කරමින් පවතී.

මීටර් 400ක ජාතික මට්ටමේ ධාවන පථයකින් , මීටර් 25ක පිහිනුම් තටාකයක්,ගෘහස්ත ක්‍රීඩාගාරයක් නවීන පහසුකම්වලින් සපිරි ශරීර සුවතා මධ්‍යස්ථානයක් හා වාහන නවතා තැබිය හැකි අංගනයකින් ක්‍රීඩාංගණය සමන්විත වෙයි. ඊටම වෙන්වු ජලපවහන පද්ධතියක්ද ක්‍රියාත්මකය.

මෙම ක්‍රීඩාංගණය වසර 18 කට පසු ගාල්ලට හිමි වන නවීන පහසුකම්වලින් සපිරි ක්‍රීඩාංගණයයි. වැඩි දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය පෙන්වා දුන්නේ මෙම ක්‍රීඩාංගනයත් සමගින් ගාල්ල සහ ඒ අවට පාසල් මලල ක්‍රීඩාව , ක්‍රීඩා සමාජ , පිහිනුම් සමාජ, මලළ ක්‍රීඩා සමාජ ,පාපන්දු සමාජවලට ඉහළ දස්කම් රැසක් දැක්විමට අවශ්‍ය ඉඩකඩ මෙම ක්‍රීඩාංගණය සමඟ විවර වන බවයි.

එමෙන්ම කොළඹට නොගොස් තම ජාතික මට්ටමේ සියලු පුහුණුවීම් සිදු කිරීමට මෙමඟින් මහඟු අවස්ථාවක් සැලසෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ. මේ අවසර අවසන් විමට ප්‍රථම ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. මෙහි ඉදිකිරීම් මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ උපදෙස් පරිදි සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *