යුද හමුදාවෙන් බස්රථ 33ක් – නාවික හමුදාවෙන් බස් 09ක්

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (08) දුම්රිය රියදුරන් ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් නිවෙස් කරා යෑමට නොහැකිව සිටි මගීන් වෙනුවෙන් යුධ හමුදාව සහ නාවික හමුදාව එක්ව බස් රථ සේවාවක් සපයා තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධික්ෂණය යටතේ යුධ හමුදාව විසින් බස් රථ 33ක් යෙදෙවු බවයි.

නාවික හමුදාව විසින් බස් රථ 09ක් සැපයු බව මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සදහන් කළේය.

මෙම බස් රථ ගාල්ල, මහ නුවර, කුරුණෑගල, අනුරාධපුර, මහව සහ ගම්පහ ප්‍රදේශ බලා ධාවනයේ යෙදෙවු බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් සදහන් කර සිටි.

අද (09) දිනයේදි යලි මෙම බස් රථ සිය ගමනාන්තයේ සිට කොළඹට ධාවනයේ යොදා ඇති බව වැඩිදුරටත් සදහන් කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *