රුබෙල්ලා පැරදූ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජර්මානු සරම්ප හෙවත් රුබෙල්ලා රෝගය තුරන් කළ දකුණු හා නැගෙනහිර ආසියාවේ පළමු රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, ශ්‍රී ලංකාව සහ නේපාලය යන දකුණු ආසියාතික රටවල් හා නැගෙනහිර ආසියාවේ ටිමෝර් ලෙසතෝ රාජ්‍යය මෙම රෝගය තුරන් කිරීමට සමත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

ඒ අනුව නිසි එන්නත් ක්‍රමවේදයක් භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු මෙම රටවල් 6 අපේක්ෂිත කාලයට වසර දෙකකට පෙර මෙම ඉලක්කය ජය ගෙන ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.

2014 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු ආසියා කලාපයට 2020 වසරේ දී රුබෙල්ලා පාලනය කිරීමේ වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කරන ලදි. ඉන් අනතුරුව දකුණු ආසියාතික රටවල් විසින් මෙම රෝග මැඩපැවැත්වීම සඳහා ධනාත්මක අයුරින් වැඩසටහන් දියත් කරනු ලැබීය.

පසුගිය සිව් වසර පුරා මෙම ධනාත්මක සිද්ධිය ගෙන ඒම සඳහා සාමාජික රටවල් විශාල වශයෙන් කැපකිරීමක් සිදු කර ගනිමින් මෙම ප්‍රගතිය අත් කර ගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − seven =