විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා සළකා බැලීම දෙසැ.13වනදා

(කොළඹ, ලංකාපුවත්) –යාපනය, පුන්කුඩුතිවු ප්‍රදේශයේ පදිංචි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණ දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හත්දෙනෙකු තමන්ම එම දඬුවමින් නිදහස් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති අභියාචනා දෙසැම්බර් මස 13 වනදා සලකා බැලීම සඳහා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (09)නියම කළේය.

මෙම අභියාචනා ඊවා වනසුන්දර ,නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එම අභියාචනා වල කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය වැඩිදුර තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 13 වනදා වන කැඳවන ලෙස නියම කළේය.

2015 වසරේ අප්‍රේල් මස 4 වනදා යාපනය ප්‍රදේශයේ දී සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා යාපනය මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව ඉන් විත්තිකරුවන් දෙදෙනෙකු පමණක් නිදහස් කළ යාපනය මහධිකරණය සෙසු විත්තිකරුවන් හත්දෙනාට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

එසේ දඬුවම් නියම වූ විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කරමින් සඳහන් කර සිටින්නේ තමන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට යාපනය මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

එම නිසා යාපනය මහධිකරණය දූන් තීන්දුව අහෝසි කොට තමන් සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද එම විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනා වලින් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 5 =