හදිසියේ ඇරඹූ දුම්රිය වර්ජනය තවමත්

(කොළඹ, ලංකාපුවත්) – වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ(08) පස්වරුවේ ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.

මෙම වර්ජනය හේතුවෙන් අද(09) පෙරවරු කාලයේ දුම්රිය ධාවනයක් සිදු නොවු බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

වැටුප් විශමතාවට විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරු, නියාමක ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් ඊයේ (08) පස්වරු 3.00 සිට හදීසි වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

පෙර දැනුම්දීමකින් තොරව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඊයේ පස්වරු 3.00න් පසු ධාවනය වීමට තිබූ කිසිදු දුම්රියක් ධාවනය නොවූ අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියේය.

දුම්රිය නොමැතිවීමත් සමග කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලට රැස්ව සිටි මගීන් විරෝධතා වල නිරත වූණා.

එහිදී මගීන් කලහකාරී ලෙස හැසිරුණු අතර කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ රථ වාහන ගමනාගමයටද බාධා එල්ල වන අයුරින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ අතර දුම්රිය ස්ථාන වල දේපළ වලටද හානි සිදුකරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − seventeen =