රජරට පීඨ 03 ක් වැසේ

(කොළඹ, ලංකාපුවත්) –රජරට විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන 26 වනදා දක්වා වසා දමා ඇත.

විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කළේ පැපොල රෝගය පැතිරයාම හේතුවෙන් මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර, ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණික විද්‍යා යන පීඨ ඊයේ දහවල් සිට මෙලෙස වසා දමා ඇති බවයි.

එමෙන්ම මෙම පීඨ තුනේ සිසුන් 44 දෙනෙකුට පැපොල රෝගය වැළඳී තිබුණු බවත්, තවත් සිසුන් පිරිසක් පාචනය සහ වෛරස් උණ රෝගී තත්ත්වයකට ගොදුරුවී තිබූ බවත් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *