වැට් බදු සංශෝධනය පනත් කෙටුම්පත දෙවන වර කියවීම අදයි

(කොළඹ, ලංකාපුවත්) –වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (09) සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් විවාදය පැවැත්වේ.

මේ අතර ස්වාධීන කොමිෂන් සභා වල සභාපතිවරුන්ගේ සහ සාමාජිකයින්ගේ වැටුප් හා දීමනා වැඩිවීම සම්බන්ධයෙන් වූ විවාදය ද අද දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

එසේම අද පස්වරුවේ ජන මාධ්‍ය වලට ආණ්ඩුවෙන් එල්ල වන මර්ධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළීබද විවාදය ද පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *