‘ශේරු ක්ලැසික් ඉන්දියා‘ රන් පදක්කම දිනා ගත් අමිල, අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – “ශේරු ක්ලැසික් ඉන්දියා” ලෝක කාය වර්ධන ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම දිනාගත් අමිල මුණසිංහ මහතා අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් චමීර දුෂ්‍යන්ත සහ මහජන සම්බන්ධතා නිලධාරි මාලක වීරසිංහ යන මහත්වරුන් ද සහභාගි වූහ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී “ශේරු ක්ලැසික් ඉන්දියා” ලෝක කාය වර්ධන ශූරතාවලිය පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *