සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන ) කෙටුම්පත සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) –සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන ) කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 95 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 31 ලැබුණි .

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය07 දිනපැවැත්වූ අතර එදින පනත් කෙටුම්පත සම්මත කිරීම සිදු නොවුණි. ඒ අනුව කල්තබන ලද සම්මත කිරීම අද පාර්ලිමේන්තුවේ දී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *