ඉන්ධන මිල සංශෝධනය වන්නේ මෙහෙමයි

(කොළඹ, ලංකාපුවත්) – අද (10)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාක්මක වන පරිදි මිල සූත්‍රය අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන රුපියල් දෙකකින් හා සූපර් ඩීසල් රුපියලකින් වැඩිවී තිබේ.

අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැවසීය.

ඒ අනුව රුපියල් 155කට පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 157 දක්වා ඉහළ දමා ඇත.

ඊට අමතරව සුපරි ඩීසල් ලීටරයක් රුපියල් 129 සිට රුපියල් 130 දක්වා ඉහළ නැංවේ.

කෙසේ වෙතත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වල මිලෙහි වෙනසක් සිදුව නොමැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + ten =