උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරට පාසල් 37 ක් වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරේ කටයුතු හේතුවෙන් පාසල් 37 ක් වසා තැබෙන බවත් එම ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට සැප්තැම්බර් මස 05 වනදා දක්වා සිදු කෙරෙන බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ සදහා ඇගයීම් මණ්ඩල 527 ක් යටතේ ගුරුවරුන් 8432 ක් සහභාගී වීමට නියමිතය.

ඒ සඳහා වසා තැබෙන පාසල් 37 තුන්වන පාසල් වාරය සඳහා ලබන සැප්තැම්බර් මස 06 වන දින යළි ආරම්භ වෙනු ඇත.

මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 කදී සිදු කිරීමට සැලසුම් කර තිබෙන අතර එම ඇගයීම් කටයුතු ලබන 15 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *