වෙනිසියුලානු ජනපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අනාවරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ සජීවීව රූපවාහිනියෙන් ජාතිය අමතමින් සිටියදී එල්ල කරනු ලැබූ ඩ්‍රෝන ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ හිටපු නාගරික පොලිස්‌පති සැල්වටෝරේ ලුචේස් බව හෙළිවී ඇත.

මාදුරෝට එරෙහි විරුද්ධවාදීන් සමඟ එක්‌වී තමා එම ඝාතන සැලසුම මෙහෙයවූ බව සැල්වටෝරේ කොලොම්බියාවේ බොගෝටා නුවරදී පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

වෙනිසියුලා විරුද්ධ පක්‍ෂය සදහන් කරන්නේ ලුචේස්ව සාමාජිකත්වයෙන් නෙරපා සිටි අයෙක්‌ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 ක්‌ අත්අඩංගුවට ගෙන ඇති බව වෙනිසියුලා රජය කියා සිටි‍.

වසර කීපයකට පෙර සැන්ඩිජෝ නාගරික පොලිස්‌පති වූ සැල්වටෝරේ විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව ක්‍රියාකිරීම ප්‍රතික්‌ෂේප කිරීම හේතුවෙන් පොලිස්‌ සේවයෙන් නෙරපා දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 5 =