(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ශේරු ක්ලැසික් කායවර්ධන තරගාවලියේ දී රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ මහතා ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.
ලොව ප්‍රධාන පෙලේ IFBB කායවර්ධන ශූරතා තරගාවලියක් වූ ශේරු ක්ලැසික් 2018 තරගාවලිය පසුගිය ජූලි 20 වනදා සිට 22 වන දා දක්වා නවදිල්ලි නුවරදී පැවැත්විණි.
රටවල් 162 ක තරගකරුවන් අභිභවමින් 85 Kg බර පන්තියේ ලෝක ශූරතාව දිනාගැනීමට අමිල මුණසිංහ මහතා එහිදී සමත්විය.
අමිල මුණසිංහ මහතාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා මාතෘ භූමියේ කීර්තිනාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට කටයුතු කිරීම පිළිබඳව තම ස්තූතිය පිරිනැමීය.
එමෙන්ම ඔහුගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් ද සිය සුභාශිංසන පිිළිගැන්වීය.
නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.