වාද්දූවේ සාදයක දී සිව්දෙනෙක් මියයෑම සම්බන්ධයෙන් 02ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –වාද්දූව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැත් වූ සාදයකදී පුද්ගලයින් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්විමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ එම සාදය සංවිධානය කළ සමාගමේ ලියාපදිංචි අයිතිකාරිනියගේ ස්වාමිපුරුෂයා සහ එම සමාගමේ ප්‍රචාරක නිළධාරියා ඊයේ(09) පස්වරුවේ වාද්දූව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් කඩුවෙල කොරතොට ප්‍රදේශයේ සහ ගොතටුව නව නගරයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන්නන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *