රජිව් ගාන්ධිගේ ඝාතකයින්ට ඉන්දියාවෙන් සමාවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින ඝාතකයින් 07දෙනා නිදහස් කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඉන්දීය මධ්‍යම රජය විසින් කළ දැනුම්දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද(10) පිළිගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

තමිල්නාඩු ප්‍රාන්ත රජය පසුගියදා ඔවුන් නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිටියේය.

එහිදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේ ඉන්දීය මධ්‍යම රජයේ කැමැත්ත නොමැතිව ඝාතකයින් නිදහස් කිරීමට අධිකරණයට අවසර ලබාදිය නොහැකි බවයි. මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මධ්‍යම රජය ඝාතකයින් නිදහස් කිරීමට අවසර ලබාදිය නොහැකි බවට ප්‍රකාශකර ඇත.

රජිව් ගාන්ධි ඝාතකයින් හත්දෙනා දැනට වසර 27 ක් තිස්සේ සිරදඬුවම් විඳිමින් සිටි.
ශ්‍රීධරන් හෙවත් මුරුගන්, පේරරිවාලන්, ශාන්තන්, ජයකුමාර්, රොබට් පයාස්, රවිචන්ද්‍රන් සහ නලිනි රජිව් ඝාතනය වෙනුවෙන් සිර දඬුවම් විදින හත් දෙනාය.

මීට පෙර ඉන්දීය ජනාධිපතිවරයා ද අදාළ සැකකරුවන් නිදහස් කළ නොහැකි බව පවසා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × three =