20 යි 20 ට මාලිංගට අවස්ථාව නැතිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ‍දකුණු අප්‍රිකාව සමඟ ලබන 14 වනදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සඳහා ලසිත් මාලිංග නම් කර නොමැත.

එම තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ(09) නම් කෙරුණු අතර ඊට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු එක්කර ඇත්තේ වසර 03කට පසුව වීම විශේෂත්වයකි.

20යි 20 කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් ට හිමිව ඇති අතර දිනේෂ් චන්දිමාල් , උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, දසුන් ශානක සංචිතයට ඇතුළත් කර තිබේ.

එමෙන්ම 2017 වසරේ ජනවාරි මාසයෙන් පසු විස්සයි විස්ස තරඟයකට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා ද කණ්ඩායමට කැඳවා ඇත.

තරග තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් ද ලබන 14 වනදා පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *