(කොළඹ, ලංකාපුවත්) – 2018 ඡන්ද හිමි නාමලේඛන සඳහා අභියාචනා ඉදිරිපත් කිරිමේ කාලය අදින්(10) ආරම්භ වේ.
සැප්තැම්බර් මස 06 වනදා දක්වා අභියාචනා ඉදිරිපත් කිරිමට මහජනතාවට හැකියාව පවතින බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කරයි.
දිස්ත්රික් මැතිවරණ කාර්යාල, ග්රාම නිලධාරි කාර්යාල, ප්රදේශිය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතනවල සහ තැපැල් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛන ප්රදර්ශනය කිරිම සිදු කරනු ලබයි.
ඒ අනුව එහි තමන්ගේ නම ඇතුළත් වී නොමැතිනම් හෝ නුසුදුසු ලිපින යටතේ පුද්ගලයින්ගේ නම් එහි ඇතුළත් වී ඇත්නම් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරිමට හැකියාව පවතින බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
එසේ ලැබෙන අභියාචනා පරික්ෂා කිරිමෙන් අනතුරුව ඡන්දහිමි නාමලේඛන ප්රතිශෝධන කටයුතුවල තුන්වන අදියර ආරම්භ කිරිමට නියමිතය.
ප්රතිශෝධන කටයුතු අවසන් වන ඡන්ද හිමි නාමලේඛණ සහතික කිරිමේ කටයුතු ඔක්තෝබර් මස 05 වනදා සිදු කිරිමට කටයුතු යොදා ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය.