ජනපතිගේ සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරිමට තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ පොලොන්නරුවේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී අද(12) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

එහිදි වර්ජනයට හේතුවු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අදාළ ගැටලුවලට කඩිනමින් විසදුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවක් මත වර්ජන ක්‍රියාමාර්ගය නතර කිරිමට පියවර ගත් බව දොඩංගොඩ මහතා සදහන් කළේය.

පසුගිය 08 වැනිදා පස්වරු 3.00ට හදිසි වැඩ වර්ජනයක් ලෙස ආරම්භ වූ මෙම වැඩවර්ජනය සඳහා දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *