තායිවානයේ රෝහලක ගින්නක් – 09ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – තායිවානයේ තායිපේ නුවර පිහිටි රජයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. රෝහලේ හත්වෙනි මහලේ වාට්ටුවකින් ගින්න හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට සැක පළකෙරේ.

රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් දාසය දෙනෙකු පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සදහන් ය.

රෝගීන් 32නෙකු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තුන් දෙනෙකු මෙම ගින්නෙන් දිවි බේරාගෙන තිබේ. ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × three =