දුම්රිය ධාවනය යථා තත්ත්වයට

(කොළඹ, ලංකාපුවත්) – සියලු දුම්රිය ධාවන කටයුතු අද(13) දිනය තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා සදහන් කරයි.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ අද පස්වරුවේ සියලු කාර්යාල දුම්රිය ගැටළුවකින් තොරව ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය බදාදා සිට ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාම්ර්ගය ඊයේ(12) පෙරවරුවේ අත්හිටුවිමට තීරණය කරන ලදි.

ඒ අනුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත ද ඊයේ දිනයේදී දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

එසේම අද උදෑසන කාලයේදීත් ප්‍රධාන කාර්යාලය දුම්රිය ධාවනය කිරීමට නිසි පරිදි සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =