යාල වනෝද්‍යානයේ කලාපයක් දෙමසකට වැසේ

(කොළඹ, ලංකාපුවත්) –යාල ජාතික වනෝද්‍යානය මාස 02 ක කාලයක් වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සංචාරක නිවාස අලුත්වැඩියා කිරීමට හා උද්‍යානයේ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සදහායි.

මේ අනුව සැප්තැම්බර් 01 වැනිදා සිට ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 වසා තැබෙන අතර සෙසු වනෝද්‍යාන සංචාරකයන් සඳහා විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා නොවැම්බර් 01 වැනිදා සිට යළි විවෘත කෙරෙනු ඇත.

සැප්තැම්බර් 23, 24 හා 25 යන තෙදින තුළ දීප ව්‍යාප්ත වනඅලි සමීක්‍ෂණයක් සිදු කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන බැවින් දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවාස එම දින 03 තුළ වසා තැබෙන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *