ශ්‍රී දේවිගේ උපන්දිනය දා අතීත ඡායාරූපයක් එයි

(කොළඹ, ලංකාපුවත්) –නැසී ගිය සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවි ජීවත්ව සිටියේ නම් ඇය අද(13) සිය 55වැනි උපන්දිනය සමරනු ලැබේ.

ඇය මේ වසරේ පෙබරවාරි 24වනදා මිය ගියේ බොහෝ දෙනාට අදහා ගත නොහැකි අයුරිනි.

ඇයගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර් සිය මවගේ අතීත ඡායාරූපයක් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එක් කර තිබුණි.
ශ්‍රී දේවි, බොනී කපූර් සමඟ ජාන්වී කුඩා අවදියේ පසුව ඡායාරූපයක් එහි දක්නට ලැබේ. මෙම චායාරූපය මේවන විට බොහෝ ශ්‍රී දේවිට ඇලුම් කළ රසික රසිකාවියන් අතර හුවමාරු වෙමින් පවතී.

ශ්‍රී දේවි කියන්නෙ වැඩි කතාබහක් නැති, සම්මුඛ සාකච්ඡාවන්වලදී බොහෝ විට සීරයස්ව අහන ප්‍රශ්නවලට උත්තර දෙන කෙනෙක්. ඒත් 2013 ජෝර්ජ් ස්ට්රොම්බොලොස්ගෙ සම්මුඛ සාකච්ඡාවෙදී ඇය හැසිරුණේ බොහොම සැහැල්ලුවෙන්. ‘English Vinglish’ චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය සහභාගි වූ එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ සාරාංශයයි මේ.

ශ්‍රී දේවි : ” මම මගේ සිනමා ගමන පටන් ගත්තෙ ළමා ශිල්පිණියක් විදියටග එතකොට මට වයස අවුරුදු 4 යි. මගේ ළමා කාලය වගේම යෞවනය කැප කලේ මේ සිනමා ක්ෂේත්රිය වෙනුවෙන්. නියම වෙලාවෙදි මට හිතුණා සිනමාවෙන් මම විරාමයක් ගත යුතුයි කියලා.”

නිවේදකයා : ළමා කාලය මගහැරුණා කියලා හිතෙන්නෙ නැද්ද?

ශ්‍රී දේවි : ඔව්, හැබැයි ඉතින් යමක් ලබාගන්න නම් යමක් කැප කරන්නම වෙනවා නෙ…

නිවේදකයා : ඔයා මේ වැඩසටහනට එනවා කිව්වම අපි Mr. India film එකේ ” I Love You” ගීතයේ රූප රාමු සංස්කරණය කරන්න පටන් ගත්තා. ඒ ගීතය ගැන නිතරම වගේ කතා වෙනවා. දැන් අනිල් කපූරුත් මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ගීතයේ ඔයාලා දෙන්නා අතර ඒ ප්‍රේම ජවනිකාව කොහොම සිද්ධ වුනත් පස්සෙ ඔහු ඔබේ මස්සිනා වෙනවා නෙ? දැන් පවුලේ නෑදෑ හිතවතුන් එකට මුණගැහුණම අර සින්දුව play වෙනවද?

ශ්‍රී දේවි : (සිනහසෙමින්) Tv එකේ මේ film එක විකාශය වෙන වෙලාවක මගේ ළමයි ඒක නරඹනවා. ඒ ගෝල්ලන්ට ඒක හාස්‍යජනකයි. මහත්තයයි දරුවො එක්කයි මං කරපු නිර්මාණයක් නරඹද්දි මට ඒ ගැන ආඩම්බරයක් මිස ලැජ්ජාවක් නොදැනෙන්න ඕනෙ කියලා මම විශ්වාස කරනවා.

නිවේදකයා : ඔබේ ළමයි බටහිර සිනමාපට නරඹනවද?

ශ්‍රී දේවි : ඔව්

නිවේදකයා : එයාලා මොනවද ඒ ගැන හිතන්නෙ?

ශ්‍රී දේවි : එයාලා ඒවාට හුඟක් කැමතීයි

නිවේදකයා : ඒවා නරඹද්දි ඔබ එයාලාගෙ ඇස් වහනවද?

ශ්‍රී දේවි : (සිනහසෙමින්) ඔව් මං එහෙම කරනවා. හැබැයි දැන් කාලෙ නම් මට එහෙම කරන්න ඕනෙ වෙන්නෙ නෑ. එයාලා නිකන්ම වගේ ඇස් වහගන්නවා.

ශ්‍රී දේවි කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පිණියක් කියලා දැනන් හිටියෙ ඇයගෙ සමීපතමයන් කිහිපදෙනෙකු විතරයි. Mr. India චිත්‍රපටයේ තමන් නිරූපණය කළ ගීතමය ජවනිකාව වගේම, ඥාති දියණිය සෝනම් කපූර් ‘සාවරියා’ චිත්‍රපටයේ නිරූපණය කළ ජවනිකාවක් ද ඇය සිතුවමට නගා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × four =