සිරියාවේ ආයුධ ගබඩාවක පිපිරීමකින් 39ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ඊයේ සිදුවූ ආයුධ ගබඩාවක් පුපුරා යාමෙන් පුද්ගලයින් 39දෙනෙකු මිය ගොස් ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.

කුඩා ළමුන් සහ කාන්තාවන් ද ඒ අතර සිටින බව වාර්තා වේ. පිපිරීම සිදුවූයේ කැරැළිකරුවන් යටතේ පවතින ප්‍රදේශයකයි. සිද්ධියෙන් බොහෝ දෙනෙක් තුවාල ලබා තිබේ.

ආයුධ ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ ජනාකීර්ණ ප්‍රදේශක ය. මෙය බාහිර බලපෑමකින් තොරව මෙය පුපුරා ගොස් ඇති බවට සිරියානු මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

මෙම ස්ථානයට ගුවන් ප්‍රහාරයක් හෝ වෙනත් බාහිර ප්‍රහාරයක් එල්ල වී නොමැති අතර, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *