(කොළඹ, ලංකාපුවත්) –ශ්රී ලංකාවට අමෙරිකා ඩොලර් මිලියන 39 ක ආරක්ෂක ආධාර ලබා දෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බෙංගාල බොක්ක පාදක කර ගනිමින් අමෙරිකා රජය ක්රියාත්මක කරන වැඩසටහන් සදහා මෙන්ම ශ්රී ලංකාවේ මානුෂවාදී වැඩසටහන්වලට මෙම මුදල් වැය කෙරෙනු ඇත.
ආසියා කලාපය තුළ අමෙරිකා රාජ්ය ලේකම්වරයා පසුගිය සතියේ කළ සංචාරයක ප්රතිඵලයක් වශයෙන් ආසියා රටවල් සමග පවතින සම්බන්ධනා ශක්තිමත් කර ගැනීමට අමෙරිකා රජය අපේක්ෂා කරනු ලැබේ.
ඒ අනුව බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, වියට්නාමය ඇතුලු රටවල් සඳහා ආරක්ෂක ආධාර සපයනු ඇත. ඉන්දු පැසිෆික් කලාපය ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදු කෙරෙන බව ද අමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන ලදි.