බස් මගීන්ගේ සංගමයෙන් බස්‌ වර්ජනයට විරෝධය

(කොළඹ, ලංකාපුවත්) – රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.

බස් රථ බොහෝමයක් තරඟකාරි ලෙස ධාවනයේ යෙදීම ඇතුළු, මගී ජිවීත අවධානමකට ඇද දමන බොහෝ ක්‍රියාකරකම් වල නිරත විම සහ ඒවායින් සිදුවන අනතුරු අද වන විට සුලභ කාරණයක් බවට පත් ව ඇතැයිද බස් මගීන්ගේ සංගමය චෝදනා නඟයි.

මීට අමතරව බස්‌ රථ සේවක සංගම් විසින් චෝදනා කරන ආකරයට දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියෑදුරන් අපහසුතාවට පත්වන බව මිත්‍යාවක් බව එම සංගමයේ විශ්වාස කරනු ලැබේ.

එසේම යම් බස් රථයක් මාර්ග නීති කඩකරමින් ධාවනය නොකරන්නේ නම් දඩ ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර බස්‌ රථ සේවක සංගම් විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරමින් ඉල්ලා සිටින්නේ රථ වාහන වැරදි කිරීමේ නිදහස බවද ඔවුන් පෙන්වා දෙයි. එබැවින් බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිමට රජය කටයුතු කළහොත් එය වැරදි සඳහා දෙන අනුබලයක් බව ද සදහන් කරනු ලැබේ.

එම නිසා මගී ජිවිත ආරක්ෂා කරගැනිම වෙනුවෙන් දඩ අයකරගැනිමෙන් නොනැවතී, දිගු කාලින සහ තිරසාර විසඳුම් හඳුන්වා දීමට රජය විසින් කටයුතු කළ යුතු බව ද, බස් රථ සඳහා දඩ ගාස්‌තු පහල දැමිම කිසිසේත්ම නොකල යුතු බව ද අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *