ලොව වාසය කිරීමට හොදම නගරය නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රියාවේ වියානා අගනුවර ලොව වාසය කිරීමට හොදම නගරය ලෙස නම් කර තිබේ.

පසුගිය වසර 07 තුළ ලොව ජීවත් වීමට හොදම නගරය ලෙස නම් කර තිබුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි.
මෙවර සිදු කළ සමීක්ෂණයෙන් මෙල්බන් නුවර දෙවන ස්ථානයට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

‘ද ඉකොනොමිස්ට්‘ ජාත්‍යන්තර සගරාව වාර්ෂිකව පවත්වන සමීක්ෂණයකට අනුව මෙම ප්‍රතිඵල නිකුත් කර තිබුණි. ලොව නගර 140 ක දේශපාලන තත්ත්වය, සමාජීය ස්ථාවරත්වය, අපරාධ, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සාධක කිහිපයක් යටතේ අදාළ සමීක්ෂණය සිදුකර ඇත.

ජපානයේ ඔසාකා, කැනඩාවේ කැල්ගලරි යන නගර ලැයිස්තුවේ තුන්වන සහ 04 වන ස්ථානවලට පත් වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සහ අදර්ලෙයිඩ් නගර දෙකද මෙම ලැයිස්තුවේ හොදම නගර 10 අතරට ඇතුළත් ය.

ලොව වාසය කිරීමට අහිතකර නගර ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ යුද කලාපයක්ව පවතින සිරියාවේ ඩමස්කස් නුවරයි. බංගලාදේශයේ ඩකා අගනුවර, නයිජීරියාවේ ලේගෝස් සහ පාකිස්ථානයේ කරච්චි, එහි දෙවන තුන්වන සහ හතරවන ස්ථාන බවට පත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *